මොකක් ද මේ 3% එහෙම නැත්තම් ETF එක කියන්නේ ..........
| සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය |
|
| සේවා නියුක්තයන්ගේ භාර අරමුදල 1980 අංක 46 දරණ සේ.නි.භා.අ. පනතෙහි විධිවිධාන යටතේ 1981 මාර්තු 01 වැනි දින ස්ථාපිත කරන ලදි. මෙම අරමුදල සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පාලනය කරනු ලබන අතර වර්තමානයේදී සේ.නි.භා.අ. මණ්ඩලය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය භාර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ ක්‍රියාත්මක වේ. මෙකී පනතේ විධිවිධාන ගරු අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලදුව ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක සඳහන් කර ඇති ආකාරයට රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසියම් පංතියකට හෝ ඛාණ්ඩයකට අයත් රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ම අදාල වේ. ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන්ට හා සංක්‍රමික සේවකයන්ට ද මෙම අරමුදලට දායක විය හැකි අතර එහි සාමාජිකත්වය ලබා ගත හැකිය. වර්තමානය වන විට අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 2.6ක් පමණ වන අතර එකී ප්‍රමාණය සේවායෝජකයින් 79,000කින් ආවරණය කරනු ලබයි. 2019 දෙසැම්බර් 31 දින වන විට අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 339 ක් පමණ විය. සේ.නි.භා.අ. මණ්ඩලයේ කටයුතු විමධ්‍යගත කිරීම පිණිස සහ සාමාජිකයන්ට වඩා යහපත් සේවාවක් ලබා දෙනු පිණිස 1995 වර්ෂයේදී සේ.නි.භා.අ. මණ්ඩලය විසින් ශාඛා ජාලයක් හඳුන්වා දෙන ලදි. |
|
අපේ මාසික වැටුපෙන් 3% ගා නේ මේ අර මුරදලට එකතු වෙනව . අපි සෙවයන් ඉවත් වෙන දවසට තමයි අපට මේ එකතු උන මුදල ගන්න පුලුවන් වෙන්නේ ..
අපි බලමු කොහොමද මේ අපට හිමි මුදල ලබා ගන්නේ කියල.
මුලින්ම නිල වශයෙන් සෙවයෙන් ඉවත් වෙන්න ඔනේ ...
ඉට පස්සේ මෙ පහල තියන අයදුම් පත්රරය පුරවන්න ඔනේ ....